Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Tools, DIY & Outdoor

ගෙවතු වගාව නිවැරදිව

මුල සිට නිවැරදිව ගෙවතු වගාව

by tudo_blog August 27, 2022
written by tudo_blog August 27, 2022

ගෙවතු වගාව නිවැරදිව

හැකි ආකාරයට තම ඉගවත්‌තේ ම යමක්‌ වවා ගැනීම ප්‍රතිඵලදායක ය. එහෙත්‌ මෙහිදී නාගරකව ජීවත්‌ වන්නවුන්ට බලපාන ප්‍රශ්නයක්‌ ලෙය ඉඩකඩ මඳ බව ඉස්මතු වේ. එයට පිළියමක්‌ ලෙසට බඳුන්ගත එළවඑ වගාව හඳුන්වා දිය හැකි

බඳුන තෝරා ගැනීම

බඳුන්‌ වල එළවඑ වගා කිරීමේ දී බෝගයේ ස්වභාවය අනුව බඳුන තෝරා ගැනීම ඉතා වැදගත්‌ ය. ශාකයේ වර්ධනයේ ආකාරයට බඳුන වෙනස්‌ විය යුතු ය. උදාහරණයක්‌ ලෙස සොලනේසි කුලයට අයත්‌ වන තක්කාලි, වම්බටු, මාළුමිරිස්‌ ආදියේ ගස්‌ උසට වැඩෙයි. ඒවා අතුපතර විහිදී වැඩෙයි. වැටකාඑ, පතෝල, කරවිල වැලි කුකර්බිටේසි කුලයේ ශාක වැවෙන්නේ වැල්‌ වශයෙනි. රාබු, බිටිරෑටි, කැරටි, නෝකෝල්‌ ආදී ශාක කුඩාවට වැඩෙයි. මේ ශාකවල වර්ධන ස්වරෑපය අනුව බඳුනේ ප්‍රමාණය ද තෝරා ගත යුතුය. බඳුන්‌ වශයෙන්‌ යොදා ගන්නා දේ ගැන සලකා බැලීමේ දී ඒ සඳහා ද වැඩි වියදමක්‌ නො යන දේ යොදාගත හැකි ය. මේ සඳහා ඉවත දමන පොහොර බෑග්‌, හාල්‌ බෑග්‌ ප්‍රයෝජනවත්‌ ආකාරයට යොදාගැනීමට පුළුවන. එයින්‌ පරිසර දූෂණය ද අවම කළ හැකි ය. රිජිෆෝමි පෙට්ටි , වැහි පිහිලි ලෙස යොදාගනු ලබන බට, ටයර, ටින්‌, පළදු වූ ප්ලාස්ටික්‌ භාජන ආදිය ද භාවිතයට ගත හැකි ය. ජලය බැස යෑම සඳහා ක්‍රමවත්‌ ආකාරයක්‌ යොදා ගැනීම ඉතා ම අවශ්‍ය ය.

සොලනේසි කුලයේ බෝග

සාමාන්‍යයෙන්‌ සොලනේසි කුලයේ බෝග ලෙස ඉයාදා ගන්නා බටු, මිරිස්‌, තක්කාලි වැනි බෝගවලට සෙ.මී. 80-45 පමණ උස චිෂ්කමිභය සෙ.මී. 80-40 පමණ වන බඳුන්‌ යෝග්‍යය. සාමාන්‍ය කි.ගෑමි 10 ප්‍රමාණයේ මලු මි සඳහා යොදාගත හැකි ය. රාබු, කැරටි, බිටි වැනි බෝග සඳහා එතරමි උසකින්‌ යුත්‌ බඳුන්‌ අවශ්‍ය නා එවි. ඒ සඳහා කි. ගෑමි 05 ප්‍රමාණයේ මළු යෝග්‍ය චේ. කොළ එළවළු වර්ග වගා කිරීමට නමි සෙ.මී. 18 ක්‌ පමණ උස ප්‍රමාණයේ බඳුන්‌ යෝග්‍ය වේ. ඉවත දමන ටයර්වල ද ඉතා ක්‍රමවත්‌ ආකාරයට කොළ වර්ග වගා කළ හැකි ය. කි.ගෑමි 20, 50 ප්‍රමාණයේ මලුවල පහසුවෙන්‌ අල වර්ග වගා කළ හැකි ය. මඤ්ඤොක්කා වැනි අල සඳහා කි.ගෑමි 50 ප්‍රමාණයේ මලු යෝග්‍ය ය. වැල්‌ අල වර්ග, ගහල වර්ග සඳහා ද මලු යොදා ගැනීමට පුළුවන. මේ උස, පළල ප්‍රමාණ ගැන අවබෝධ කරගෙන නිවසේ ඉවත දමන සිදුරැ වන ප්ලාස්ටික්‌ බාල්දි, බේසමි ආදිය වගාවන්‌ සඳහා යොදා ගත හැකි ය.

දැන්‌ බොහෝ ස්ථානවල ස්ථිර බෝග වර්ග පවා බඳුන්වල වගා කර තිබබනු දැකගත හැකි ය. මේ සඳහා ප්‍රමාණයෙන්‌ විශාල සිංමන්ති පෝච්චි, හිස්‌ තාර බැරල්‌ ආදිය යොදාගෙන තිබෙන ආකාරය පෙනෙන්නට තිබේ. ඒවා සීමිත බ්ම්‌ ප්‍රමාණයක වැඩුණත්‌ අවශ්‍ය ප්‍රමාණයට පැළෑටි පෝෂක ලබා දීම මගින්‌ සාර්ථකව වර්ධනය වන බව දැකගත හැකි ය.

බඳූනක සිටුවන පැළ ප්‍රමාණය

බෝග වර්ගය අනුවත්‌, බඳුනේ ප්‍රමාණය අනුවත්‌ එක්‌ බඳූනක සිටුවන පැළ ප්‍රමාණය තීරණය කළ යුතු ය. උදාහරණයක්‌ ලෙස කුඩා බඳුනක පැල (තක්කාලි, බටු වැනි) 2ක්‌ සිටුවුව හාත්‌ එම පැළ වර්ධනයට අවශ්‍ය ඉඩකඩ මඳකම නිසා හොඳ වර්ධනයක්‌ බලාපොරොත්තු චිය නොහැකි ය. එහෙත්‌ එවැනි තැනක එක පැළයක්‌ සිටුවුව හොත්‌ පතිඵල ඊට වඩා සතුටුදායක විය හැකිය. එමෙන්ම එකම වර්ගයක පැළ, බඳුන්‌ කිහිපයක සිටුවන විට එක ම ප්‍රමාණයේ පැළ සිටුවා ගැනීමෙන්‌ ඒකාකාර වර්ධනයක්‌ දැකගත හැකි ය. එචිට එහි අලංකාරයක්‌ ද ගෙන දෙයි. බීජ සිටුවන විට ද එක ම ගැඹුරකින්‌ බීජ තැන්පත්‌ කිරීම වඩා වැදගත්‌ ය. සාමාන්‍යයෙන්‌ සෙ.මී. 1ක පමණ ගැඹුරකින්‌ සිටුවීම යෝග්‍ය ය. කෘමීන්‌ ගෙන්‌ හා වෙනත්‌ උවදුරැවලින්‌ බීජ ආරක්‍ෂා කිරිම පිළිබඳව සැලකිලිමත්‌ වීම අවශ්‍ය ය.

ජලය ලබා දීම

බඳුන්‌ මාධ්‍යයෙහි තෙතමනය පරීක්‍ෂා කර ජලය ලබා දීම වැදගත්‌ ය. බීජ පැළ චීම, කෘමි හා වෙනත්‌ උවදුරැ වලින්‌ බීජ ආරක්‍ෂා කිරීම පිළිබඳව සැලකිලිමත්‌ වීම අවශ්‍ය ය. බඳුන්‌ මාධ්‍යයෙහි තතතමනය පරික්‍ෂා කර ජලය ලබා දීම වැදගත්‌ ය. බීජ පැළ වීම ආරම්භ වූ පසු ඒ පිළිබඳව සැලකිල්‌ලෙන්‌ සිටීම අවශ්‍ය ය. නැතිනමි ළපටි පැළවලට හානි සිදු විය හැකි ය. විශේෂයෙන්‌ ම තද වර්ෂාව, කොළ අතු වලින්‌ වතුර බිංඳු බිරිම, ළපටි පැළවලට හානිදායක ය. පත්‍ර දෙක තුනක්‌ පැමිණණන විට බඳුනට අවශ්‍ය ප්‍රමාණයට වඩා පැළ තිබේ නමි ඒවා ඉවත්‌ කළ යුතු ය. මේ ඉවත්‌ කරන පැළවල මුල පද්ධතියට හානියක්‌ නො වන ආකාරයට ඉවත්‌ කරගෙන වෙනත්‌ බඳුනක සිටුවා ගැනීමට ද පුළුවන. පැළ ක්‍රමයෙන්‌ වර්ධනය වන විට ක්‍රමයෙන්‌ හිරැ එළියට හුරැ කළ යුතුය. පස්‌ කූටිටියත්‌ සමග පැළ සිටුවීමට ඉයාදා ගන්නේ නමි බොහෝ වාසිදායක තත්ත්වයක්‌ ලබා ගැනීමට පුළුවන. එසේ සඳහන්‌ කරන්නේ ළපටි මුල්වලට ඉන්‌ හානියක්‌ නො චීම නිසා ඉක්මනින්‌ යථා තත්ත්වයට පත්‌ වන බැවිනි. ආරමිභයේ දී ලැබෙන එම දිරිය පැළයේ ඉදිරි වර්ධනයට ඉතා ම හිතකර ය. ඉතා කුඩා බීජ සහිත වර්ග වන බටු, මාළුමිරිස්‌, තක්කාලි, ගෝවා වැනි බෝග සඳහා බඳුනක සිටුවා දැඩි කරගත්‌ පැළ ස්ථිර බඳුනේ සිටුවීම ඉතා යෝග්‍ය ය.

තවාන් බඳුනක්‌ සකස්‌ කර ගැනීම

තවාන් බඳුනක්‌ සකස්‌ කර ගැනීම සඳහා විෂ්කම්භය ස.මී. 10-12 තරමි වූ, උස සෙ.මී. 18 තරමේ පොලිතින්‌ බඳුන්‌ සකස්‌ කරගත හැකිය. මේ සඳහා හිස්‌ යෝගට්‌ කෝප්ප, පොල්‌ කටු, කෙසෙල්‌ පටිටාවලින්‌ සකස්‌ කරගත්‌ බඳුන්‌ ආදිය වුව සාදා ගැනීමට පුළුවන. කුමන දෙයක්‌ භාවිත කළත්‌ ජලය නො රැඳෙන ආකාරයට වැඩි ජලය ඉවත්‌ වීමට සිදුරු යකස්‌ කර ගැනීම අවශ්‍ය ය. මෙය ඉතා ම වැදගත්‌ ය. තවාන්‌ මාධ්‍ය ඉතා සියුමි වීම, ළපටි පැළ වර්ධනයට හිතකර ය. හොඳින්‌ හලා ගත්‌ රතු පස්‌, වියළුණු ගොම සමාන ප්‍රමාණවලින්‌ (1:1 අනුපාතයට) ගගන මිශ්‍ර කරගත යුතු ය. අළු හෝ කර කරගත්‌ දහයියා සුළු වශයෙන්‌ හෝ එක්‌ කරගත හැකි නමි වඩාත්‌ සුදුසු ය. බඳුන්වලට මිශ්‍රණය පුරවා ගැනීමට පෙර පොලිතීන්‌ බඳුන්‌ වැනි දෙයක්‌ යොදා ගන්නවා නමි යට කෙළවර මුලු දෙකන්‌ මඳක්‌ ඇතුළට සකස්‌ කර ගැනීමෙන්‌ බඳුනට ශක්තිමත්‌ බවක්‌ ලබා ගත හැකි ය. වෙළඳපොළේ තවාන්‌ තැටි වෙන ම මිලදී ගැනීමට තිබේ. ඒවා යොදන්නේ නමි වාර කිහිපයක්‌ පාවිචිචියට ගැනීමට පුඵවන. වගාව සඳහා යොදා ගන්නා මාධ්‍යයට දිලීර නාශක ස්වල්පයක්‌ යොදා ජීවාණුහරණය කර ගැනීමෙන්‌ වැඩෙන පැළ දිලීරවලින්‌ ආරක්‍ෂා කරගත හැකි ය. සිටුවීමට යොදා ගන්නා බිජ ද දිලීර නාශකයක්‌ යොදා පීවාණුහරණය කර ගැනීමෙන්‌ බීජ මගින්‌ පැතිරි යා හැකි දිලීර මරදනය කර ගැනීමට පුළුවන. මේ සියලු කටයුතු ඉටු කර ගැනීම මගින්‌ කුඩා පැළවල නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වි.

වගා මාධ්‍ය සකස් කර ගැනීම

හොඳින්‌ සකස්‌ කරගත්‌ මාධ්‍යයක සිටුවන නීරෝගී බීජ මගින්‌ නිරෝගී පැළ ලබා ගැනීමට හැකි වනවා මෙන්ම එවැනි ම බඳුනක ඊළඟට ද සිටුවීමෙන්‌ පැළවල වර්ධනය සාර්ථක වේ. වගා මාධ්‍යයේ සාරචත්භාවය අනුව පොහොර වර්ග ලබා දීමට කටයුතු කළ යුතු ය. පැළ හොඳින්‌ අතු සහිතව, අතු බෙදෙමින්‌ වර්ධනය වන්නේ නමි අමතරව පොහොර යෙදීමටඋනන්දු නො විය යුතු ය. සමහර දෙනෙක්‌ පැළ සිටුවූ දින සිට ම පොහොර යෙදීමට උනන්දු වෙති. දියර පොහොර යෙදීමටත්‌, වෙනත්‌ රසායනික පොහොර ඉසීමටත්‌ පටන්‌ ගනිති. කුඩා කල සාරවත්‌ වර්ධනයක්‌ ඉනා පෙන්වයි නමි පමණක්‌ නයිට්‍රජන්‌ වැඩි පොහොරක්‌ ලබා දීම අවශ්‍ය ය. යූරියා වැනි කැට පොහොර යෙදීම ඉතා නිවැරදිව කළ යුතු ය. සති දෙකක්‌ පමණ යන විටත්‌ පැළ සාර්ථක වර්ධනයක්‌ නොපෙන්වයි නමි පමණක්‌ නයිටුජන්‌ වැඩි පොහොරක්‌ ලබා දීම අවශ්‍ය ය. එහෙත්‌ සැම විට ම කාඛනික පොහොර මගින්‌ මේ අවශ්‍යතාවය සපුරා දිය හැකි ය. මල්‌ පිපෙන අවස්ථාව වන විට පැළයෙහි වර්ධනය දුර්වල වන බව පෙනෙන්නට තිබේ නමි පමණක්‌ පොටෑසියමි අඩංගු පොහොරක්‌ ලබා දීම කළ හැකි ය.

මේ අතර වාරයේ සාරවත්‌ මූල මණ්ඩලයක්‌ පවත්වා ගැනීමටත්‌, පටකවල වර්ධනයටත්‌ බලපාන පොස්පරස්‌ මූලදුව්‍යය ද අවශ්‍ය ය. මේ කාල වකවානුවලට ගැළපෙන ලෙස නිෂ්පාදිත රසායනික පොහොර මිශුණ වෙළඳපොළෙන්‌ මිල දී ගැනීමට ඇත. දියර පොහොර වශශයන්‌ යෙදීමට තිබන්‌නේ ද මම පෝෂ්‍ය පදාර්ථ අඩංගු දියර පොහොර ය. කෙසේ වෙතත්‌ රසායනික පොහොර යෙදීම අවශ්‍ය වන්නේ පැළෑටි දුර්වල ලකෂණ පෙන්වන්නේ නමි පමණක්‌ බව විශේෂයන්‌ ම සඳහන්‌ කළ යුතු ය. විශේෂයෙන්‌ ම සත්ත්ව පොහොර ලෙස ලබාගත හැකි ගොම පොහොර, කුකුළු පොහොර,එළු පොහොර, ඌරැ පොහොර, වවුල්‌ පොහොර, ඉතා වටිනා කාඛනික පොහොර චි. එහෙත්‌ කුකුළු පොහොර සුඵ ප්‍රමාණයක්‌ ඉයදීමට වග බලා ගන්න. බ්‍රොයිලර්‌ පොහොර සැර ගතියෙන්‌ අඩු ය. මෙම සත්ත්ව පොහොර යොදාගෙන සකස්‌ කරනු ලබන කොමිපෝස්ටි පොහොර ඉතා ම වටිනා කාබනික පොහොරකි. එහෙත්‌ වෙළඳපොළළන්‌ මිලදී ගැනීමට තිබෙන බොහෝ කොමිපෝස්ටි පොහොරටල ප්‍රමිතිය අඩු මටිටමක තිබිය හැකි නිසා ඒවා යොදන විට ප්‍රතිඵල අඩු වීමට ඉඩ තිබේ. වගාවේ පත්‍රවල පැහැපත්‌ බව අනුව යොදන පොහොරවල සාර්ථකභාවය නිගමනය කළ හැකි ය.

නිවැරදිව බදුන් තැන්පති කිරීම

බඳුන්‌ වගාවේ දී ඉතා වැදගත්‌ වන අනෙක්‌ කාරණය හිරැ එළිය ලැබෙන ආකාරයට ඒවා තැන්පත්‌ කිරීම ය. හොඳින්‌ කෙළින්‌ ම පැළෑටිවලට පතිත වන හිරැ එළිය සාර්ථක වර්ධනයකට හේතු වේ. පැළෑටිය බඳූනෙන්‌ ඉවතට නැවී හිරැ එළිය සායා යෑමට පෙළඹෙයි නමි ඒ බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි ය. පැළෑටිය හොඳින්‌ කළින්‌ වැඩි නමි හිරැ එළිය හොඳින්‌ පැළෑටියට ලැබෙන බවට සාධකයකි. අද බොහෝ දෙනෙක්‌ නිවාස ඉදි කරන විට ඉයාදා ගනු ලබන කොන්කීටි ලෑලි මත වගාවන්‌ සිදු කරති. එම ස්ථානවලට හොඳින්‌ ලැබෙන හිරැ එළිය සාර්ථක වගාවක්‌ සඳහා හේතු වෙයි. මේ නිසා ම නාගරික ප්‍රදේශවල වගාවන්‌ කිරීමට බොහෝ දෙනෙකු දැන්‌ යොමු වී තිබීම සතුටට කරැණකි. සාර්ථක එළවුළු පළතුරැ ආදී බෝග මේ ආකාරයට ම සිටුවා ගෙන මල්‌ වගාවක්‌ කරනවාට වඩා මානසික සතුටක්‌ ලබා ගැනීමට බොහෝ පිරිස් පෙළඹ සිටිති. මේ ස්ථානවල නිරපාංශු වගාවන්‌ ද පහසුවෙන්‌ කළ හැකි ය. වැහි පිහිලි ආදිය පවා යොදාගෙන පස්‌ රහිතව කරන වගාවන්‌ මෙම ස්ථානවල කළ හැකි ය.

වර්ධනය වූ පැල සදහා මාධ්‍ය සකස් කර ගැනීම

කුඩා ඉඩක කරන බඳුන්‌ වගාව වඩාත්‌ හොඳින්‌ පවත්වා ගැනීමට ස්ථිරව පැළ සිටුවන මාධ්‍යය ද සාරවත්‌ විය යුතු ය. රතුපස්‌ (සාරවත්‌) කොමිපෝස්ටි හා වැලි 8: 2: 1 අනුපාතයට යෙදිම පැළෑටියට හිතකරය. වැලි ඉයදීමෙන්‌ ජල වහනය සඳහා හිතකර පරිසරයක්‌ ලබා දීමට පුළුවන. වැලි යොදන විට රළු වැලි යොදා ගැනීම අවශ්‍ය ය. බඳුනට මාධ්‍ය යොදන විට කට මටිටමට අඟල්‌ 2 – 8 ක්‌ පමණ පහළට සිටින ලෙසට පිරවිය යුතු ය. බඳුන පිරි යන ආකාරයට දීමෙන්‌ ජලය යොදන විට මාධ්‍ය පිටතට ගලා යාම සිදු වි. වැල්‌ දුවන එළවළු වර්ග වන කරවිල, වැටකොළු, පිපිඤ්ඤා ආදී බෝග වවන විට ඒ සඳහා ආධාරක ලබා දිය යුතු ය. ඒ සඳහා ක්‍රමයක්‌ ලෙසට බඳුන්‌ ම කෙළවර ක්‍රමවත්‌ ආකාරයට බටයක්‌ යෙදීම කළ හැකි ය. නැතිනමි මේ වර්ග කිහිපයක්‌ එක ළඟින්‌ වගා කර පොළොංවි පන්දලමක්‌ සකස්‌ කර දිය හැකි ය. ආරුක්කු ආකාරයට නමා සකස්‌ කරන කම්බි, 1” බට, (.1 පයිප්ප ආදිය ද සකස්‌ කර ගැනීමට පුළුවන. එයින්‌ අලංකාරය ද ලැබේ. කොළ එළවළු වගාවට යොදාගන්නා බඳුන්‌ උඩකින්‌ එල්ලා ගැනීමෙන්‌ ද අලංකාරයක්‌ ලැබේ. උණ බට, වැහි පීලි , ටයර්‌ ආදිය භාවිතයට ගැනීමට පුඑවන.

බඳුන්‌ තැන්පත්‌ කරන විට ඒවා එක ළඟ තැන්පත්‌ නො කර මඳක්‌ ඉඩ තබා තැන්පත්‌ කිරීමෙන්‌ නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය ඉඩකඩ ලැබේ. සෙ.මි. 80-45 පමණ ඉඩ ලැබෙන ලෙය තැන්පත්‌ කිරීම වඩා සුදුසු ය. එක පේළියට තබනවාට වඩා තිකෝණාකාර කුමයට තැබීමෙන්‌ ඉඩ පිරිමැසීමත්‌, අලංකාරයත්‌ ලැබේ. වැල්‌ දුවන වර්ග පිටුපසටත්‌ ඊළඟ උසකින්‌ යුත්‌ වර්ග ඉදිරියටත්‌ කෙටි ව වැඩෙන පලා වර්ග ඉදිරියටත්‌ තැබීමෙන්‌ උස මටිටමි අනුව අලංකාරයක්‌ ලැබේ. මේ අතරට දාස්පෙතියා වැනි කහ පාට මල්‌ වර්ග සිටුවා ගැනීමෙන්‌ පළිබෝධින්‌ ගෙන්‌ ආරක්‍ෂාව ද ලැබේ.

 

ගෙවතු වගාව දිරිගැන්වීම සඳහා Lankaseeds සමග Tudo.lk මෙහෙවරකි

 

0 comment
0
FacebookPinterestEmail
tudo_blog

previous post
Huda Beauty Makeup Products in Sri Lanka
next post
Mosquito Net නිවැරදිව තෝරාගමු

Related Posts

Benifits of Abans Solar System

October 29, 2023

Benifits of Electric Grass Trimmer

October 19, 2023

Stainless Steel Mill Grinder: Your Home and Small...

September 16, 2023

Coconut Shell Charcoal Sri Lanka

June 7, 2022

How to Use a pressure washer

May 4, 2022

Children can learn from the well-known toys, Lego...

April 21, 2022

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Affiliate Marketing Tip – Facebook Post 1
  • ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  • Oktober Krest Shopping Fiesta – 2024 Tudo.lk
  • Bathroom Accessories
  • Healthy Salad Recipes

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Affiliate Marketing Tip – Facebook Post 1

    December 5, 2024
  • ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

    November 5, 2024
  • Oktober Krest Shopping Fiesta – 2024 Tudo.lk

    October 10, 2024
  • Bathroom Accessories

    September 14, 2024
  • Healthy Salad Recipes

    September 13, 2024

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (2)
  • Bedding & Bath (4)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (1)
  • Furniture & Decor (2)
  • Groceries (1)
  • Health & Beauty (10)
  • Home Appliance (15)
  • Kitchen & Dining (4)
  • Laundry & Cleaning (1)
  • Lifestyle (2)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (2)
  • Mother & Baby (1)
  • Motors (3)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (3)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (3)
  • Uncategorized (5)
  • Watche (1)
  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop