විවිධ මාදිලියේ Television වර්ග ඉතා සීඝ්රයෙන් වත්මනෙහි වෙළඳපොළට ඇතුල්වෙයි. tudo.lk මගින් මෙවර විවිධාකාර වූ TV විශේෂයන් පිළිබඳව ඔබට හා හඳුන්වා දීමට උත්සුක වෙමු. උසස් තාක්ෂණය ඔස්සේ කෙමෙන් ඉදිරියට යන television industry එක, LCD, LED, 4K, 8K හා qled යන පරිණාමයන් ට ලක් වෙමින් පාරිභෝගිකයන් කුල්මත් කිරීමට සමත් වී තිබේ.
TV Guide 1 ලිපිය කියවීම සදහා පිවිසෙන්න
මොකක්ද මේ වෙනස…?
රසවින්දනය, විනෝදය, දැනුම හා තොරතුරු අපමණව බෙදාහරින ටෙලිවිෂන් යන්ත්‍රය තාක්ෂණයේ දියුණුව සමඟ තව බොහෝ දුර යන බව කියා පායි. එහි ප්‍රතිඵලයක් ලෙස smart හා anroid TV හඳුන්වා දිය හැක. එබැවින් smart-phone එකක් හෝ computer එකක් මගින් සිදුකරන ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීමටද නවීන TV එකකට දැන් හැකියාව ඇත. එවැනි TV ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ. මේ හේතුවෙන් google apps, youTube, සහ netflix ආදී පහසුකම්ද ටෙලිවිෂන් එකක් ඔස්සේ ලබාගත හැක. අලුතෙන් හඳුන්වා දෙන ටෙලිවිෂන් මාදිලි පිළිබඳව දැනුවත් වී ඔබට හරියටම ගැලපෙන ටෙලිවිෂන් එක තෝරාගන්න. එය ඔබේ නිවසටම අඩුම මිලට ගෙනත් දීමේ වගකීම tudo.lk බාර ගනිමු.
LED සහ QLED TV
QLED television නිෂ්පාදනයේ දී සාමාන්‍ය LED වලට වඩා තරමක් කුඩා LED (mini LED) විශේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම television panel එක ආලෝකමත් කිරීම සඳහා quantum dot filter තාක්ෂණය යොදා ගනිමින් QLED නිපදවා ඇත. QLED විශේෂය, සාමාන්‍ය LED එකකට වඩා දීප්තිමත් (brightness) හා energy efficient වේ. contrast ඉතා හොඳ මට්ටමක (improved contrast) පවත්වා ගැනීමට හා image quality එක ඉහළම මට්ටමක පවත්වා ගැනීමට ද මෙය රුකුලක් වේ.
4K QLED හා 8K QLED
4K යනු සාමාන්‍ය full HD එකකම තරම්ක් දියුණු වූ version (upgraded version) එකකි. එහි sharpness එක full HD TV එකක මෙන් 4 ගුණයක් වන අතර 8K QLED එකක 4K QLED TV එකක් මෙන් හතර ගුණයක sharpness එකක් පෙන්වයි.
එම නිසා 4k ටෙලිවිෂන් එකක් ආකර්ෂණීය (impressing) පින්තූර විදහා දක්වන අතර 8k එකක් වඩා ස්වභාවික (more naturalistic) පින්තූර රසවිඳිය හැක. මෙවැනි අනර්ඝ ටෙලිවිෂන් එකක් මිලට ගැනීමට හොඳම තැන tudo.lk online platform එක බව මතක තබා ගන්න.
Android සහ Smart TV
Android එකක සහ smart Television එකක සමාන ලක්ෂණ බොහෝමයක් පවතී. නමුත් මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් පිළිබඳව ද tudo.lk මගින් ඔබේ අවධානය ගෙන යාමට කැමැත්තෙමු.
Android TV එකක් android operation system එකක් මගින් ක්‍රියාත්මක වේ. එනම් ඔබ smart-phone එකක හෝ ටැබ්ලට් එකක පාවිච්චි කරන ඕනෑම ගේම් එකක් හෝ ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් TV එක භාවිතයෙන් ද සිදුකල හැක. මීටත් අමතරව ඇන්ඩ්‍රොයිඩ් ටී එකට Google play store apps වලට access කිරීමටද හැකියාව ඇත.Smart TV පිළිබඳව කතා කිරීමේදී මෙම ටීවී වර්ගය උපයෝගී කර ගනිමින් ඉන්ටර්නෙට් භාවිතා කිරීමට හැකියාව ඇත.
නවීකරණය වන ලෝකය සමඟ ඉදිරියට පිය මනින්නට tudo.lk අපි ඔබට අත්වැලක් වන්නෙමු. අපි ලංකාවේ අඩුම LED TV price එක ඔබට ලබා දෙමු. වගකීමක් සහිතව පහසු ගෙවීමෙ ක්‍රමයට ටීවී එකක් නිවසටම ගෙන්වාගත හැකි හොඳම මග tudo.lk වේ . Credit cards සඳහා මාස 60ක instalment payment method එකක් අපි ඔබට හඳුන්වා දී තිබේ. මීට අමතරව debit cards සඳහා koko පහසුකම හඳුන්වා දී ඇත. ඔබට ගැලපෙන දේ නිවැරදි දැනුමෙන් තෝරා ගන්න සහ අඩුම මිලට ගෙන්වා ගන්න. මෙය tudo.lk විසින් ඔබට ලබා දෙන මහඟු අවස්ථාවකි.